9.9 C
New York

පොලිස්පතිවරයකු නැති කාලයක් උදාවෙයි

Published:

පොලිස්පතිවරයාගේ සේවා දිගුව අද (25) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඉන්පසු උදාවන්නේ පොලිස්පතිවරයකු නොමැති කාලයකි.

ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයකු පත්කරනු ලැබිය යුතු අතර ඒ සඳහා නම් යෝජනා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ යුතුය. මේ වනවිට ලන්ඩන් නුවර සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙතෙක් පොලිස්පතිවරයකු සඳහා සුදුසු නමක් ව්‍යවස්ථාදායක සභාවට යොමුකර නැත.

දැනට මාස තුනක සේවා දිගුවක් යටතේ පොලිස්පතිධූරයේ කටයුතු කරමින් සිටි සී.ඩී.වික්‍රමරත්නට තවත් සේවා දිගුවක්  ලබාදීම සම්බන්ධයෙන් ද එකඟතාවක් නැත. එවැනි සේවා දිගුවක් නැවත ලබාදෙන්නේ නම් හෙට (26) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය ලබාදීමට අවශ්‍යව තිබේ.

නව පොලිස්පතිවරයකු පත්කරන තුරු හෝ වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදෙන තුරු හෝ අද මධ්‍යම රාත්‍රියේ සිට පොලිස්පතිරවයකු නොමැති කාලයක් උදාවෙයි.

Related articles

Recent articles

spot_img