-0.7 C
New York

ආණ්ඩුව, මැති ඇමතිවරුන්ට හදිසි දැනුම් දීමක් කරයි

Published:

සියලු මැති ඇමතිවරු ලබන හෙට (26) සිට සතියක කාලක් අනිවාර්යයෙන් ම කොළඹ රැඳී සිටිය යුතුයැයි ද ගම් ප්‍රදේශවලට නොයා යුතුයැයි ද ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් දැනුම් දී තිබේ. එමෙන් ම විදේශගත නොවන ලෙස ද දන්වා ඇත.

මෙම පණිවිඩය ලැබී ඇත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ගේ වට්ස්ඇප් සමූහයටය. මෙවැනි දැනුම්දීමක් සිදුකිරීමට හේතු වූ කරුණ එම පණිවිඩයේ සඳහන් කර නැත.

බොහෝ දෙනකු අනුමාන කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත කරගැනීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත බැවින් මෙවැනි දැනුම්දීමක් කරන්නට ඇති බවයි.

ලබන සෙනසුරාදා (01) පාර්ලිමේන්තුව හදිසි අවශ්‍යතාවක් ලෙස කැඳවීමටත් එදින මෙම යෝජනාව සම්මත කරගැනීමට නියමිතව ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ලන්ඩනයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි පැමිණි වහාම ලබන 28 වැනි දා ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.

මේ අතර රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම විශේෂ බැංකු නිවාඩු දිනය නිසා එක දිගට රටේ සියලු බැංකු දින 05ක කාලයක් වසා තැබෙනු ඇත.  

Related articles

Recent articles

spot_img