spot_img
spot_imgspot_img

දින 05ක් බැංකු වසා දමා, ආණ්ඩුව කරන්න යන දේ මෙන්න

පුවත්

විදෙස්

රජය හදිසියේ ම ලබන 30 වැනි දා විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව සිදුවිය හැකි බැංකු කඩාවැටීම වළක්වාගැනීමට බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළහොත් ආර්ථිකය කඩා වැටීම සිදුවන බවයි. ඒ නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී මෙරට බැංකුවලින් ලබාගෙන ඇති බැඳුම්කර සඳහා ගෙවීම ප්‍රමාද කිරීම සිදුවනු ඇත. ඒ සඳහා ලබන 27 වැනි දා පාර්ලිමේන්තුව කැඳවා ඇති අතර එදින විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිතය. දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ආණ්ඩුව මෙලෙස ලබන සතිඅන්තයේ පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමට සුදානම් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විවාදය සහ ඊට අදාළ යෝජනාවක් සම්මත කරගැනීම වෙනුවෙන් බවයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමක් සිදුකළහොත් එය මෙරට බැංකු පද්ධතියට විශාල බලපෑමක් සිදුකරනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. එවිට බැංකුවලට ඇති එකම විකල්පය වන්නේ පොළී අනුපාත පහත දැමීමයි.

පොළී අනුපාත පහත දැමූ විට දේශීය බැංකුවල තැන්පත් කර ඇති මුදල් ඉවත්කරගැනීමට බොහෝ පුද්ගලයන් පෙළඹෙයි. එය වළක්වාගැනීම සඳහා රජය දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කර ඇත.

එය මෙතෙක් ඉතිහාසයේ නොවූ පරිදි දින 05ක නිවාඩුවකි.

හජ් උත්සවය නිමිත්තෙන් මේ මස 29 වන දා බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ලබන 30 වැනිදාද විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රජය නිවේදනය කළේය. ඉන් අනතුරුව යෙදෙන සති අන්තයෙන් පසුව එළඹෙන සඳුදා දිනය ඇසළ පොහෝ දිනයයි. ඒ අනුව වැඩ කරන දින තුනක් ඇතුළුව දින පහකට දිවයිනේ මූල්‍ය වෙළඳපොළ වසා දැමේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු බැංකු පොළී අනුපාතය පහළ දැමීමට සිදුවන බැවින් එසේ බැංකු පොළී අනුපාතය පහළ දැමීමත් සමඟ සිදුවන තැන්පතු ඉවත්කරගැනීම් වළක්වා ගැනීම මේ දීර්ඝ බැංකු නිවාඩුවේ පරමාර්ථය බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

නැවත අඟහරුවාදා බැංකු ගනුදෙනු ආරම්භවන විට මෙරට බොහෝ දෙනකුට බැංකු පොළී අනුපාත අඩුවීමේ ගැටලුව අමතකව තිබෙනු ඇතැයි යන්න ආණ්ඩුවේ අපේක්ෂාව විය හැකි බව ඔවුන් පවසයි.

ආර්ථික විශේෂඥයන් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති කොන්දේසි අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ ද එය රටේ බැංකුවලට අහිතකර ලෙස බලපානු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!