1.6 C
New York

කැනඩාවේ දී, Facebook සහ Instagram ඔස්සේ ප්‍රවෘත්ති බැලීමට අවහිර කරයි

Published:

කැනඩාව තුළ ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් ඔස්සේ ප්‍රවෘත්ති පළකිරීම් අත්හිටුවන බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.

කැනඩා රජය විසින් සම්මත කරගෙන ඇති නව නීතියක් හේතුවෙන් මෙම පියවර ගත් බව එම නිවේදනයේ දැක්වේ.

කැනඩාව ඔන්ලයින් ප්‍රවෘත්ති සඳහා පනතක් සම්මත කරගෙන ඇති අතර ඒ අනුව ඔන්ලයින් ඔස්සේ ප්‍රවෘත්ති පළකරන්නේ නම් එම සමාජ මාධ්‍ය ජාලාවන්හි හිමිකාරීත්වය දරන සමාගම් විසින් කැනඩාවේ ජනමාධ්‍ය ආයතනවලට ගාස්තු ගෙවීමට සිදුව ඇත.

මේ නව පනත නිසා ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් හි ප්‍රවෘත්ති පළකිරීම වැළැක්වීමට මෙටා සමාගම පියවර ගෙන තිබේ.

කැනඩාව මෙම නිතිය නිර්මාණය කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පසුගිය වසරේ සම්මත කරන ලද මීට සමාන නීතියක් අනුගමනය කරමිනි.

මෙටාහි මෙම තීරණයත් සමග මෙම සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රවෘත්ති වෙබ් අඩවි වෙත ප්‍රවේශවීම අත්හිටුවනු ලැබේ.

Related articles

Recent articles

spot_img