-0.7 C
New York

STF වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

Published:

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද වෙඩි තැබිමකින් ඝාතනයක සැකකරුවකු මිය‍ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවරිදි තරුණයෙකි. එම තැනැත්තා හමුදාව හැරගොස් සිටි අයකු බවත් ඝාතන සිද්ධි කිහිපයක සැකකරුවකු බවත් පොලිසිය කීවේය. පසුගිය 17 වැනි දා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ආසන්නයේ දී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තැබීමේ සිද්ධියකට සැකපිට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇත.

ඇඹිලිපිටිය, පනාමුර, වැලිකඩයාය ප්‍රදේශයේ ඔහු සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත අද (24) අලුයම සෝදිසි මෙහෙයුමක් සිදුකළ බවත්, එම අවස්ථාවේ දී එම පුද්ගලයා සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img