-0.1 C
New York

ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක රැසකට වැසි සමග දැඩි අකුණු අවදානමක්

Published:

ගිගිරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර‌ේදශවල තාවකාලිකව තද සුළං ඇතිවීමට ඉඩ තිබේ. අකුණුවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආරක්ෂිත පියවර

  1. එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතුය.
  2. කුඹුරු තේ වතු, ක්‍රීඩා පිටි මෙන් ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකිය යුතුය.
  3. රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න
  4. බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘථ වාහන භාවිතයෙන් වළකිකන්න
  5. තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් එ පිළිබඳව සැළකිලිමත් වන්න

Related articles

Recent articles

spot_img