3.9 C
New York

කොටස් වෙළෙද පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 13,498ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,162ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 31ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,339 ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 108
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 90
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 80

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම  කොටස් මිලියන 11
  • විදුලංකා සමාගම කොටස් මිලියන 4.7
  • සමූපකාර රක්ෂන සමාගම කොටස් මිලියන 4.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිංගර් ඉන්ඩස්ට්‍රීස්  සමාගම 12%
  • සිලෝන් බෙවරේජර්ස් සමාගම 12%
  • මර්කන්ටයිල් ෂිපිං සමාගම 11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් 500,000ක් රුපිියල් 137.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 200,000ක් රුපියල් 145.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 200,000ක් රුපියල් 127.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 263
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 181

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 37ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 17ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 20ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 10
  • හේලීස් සමාගම රුපියල් මිලියන 09
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 04
  • ජැට් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 03
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img