-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 19,614ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,949ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 12ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,307 ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 848
  • ෆොර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 74
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 73

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සමූපකාර රක්ෂණ සමාගම  කොටස් මිලියන 10
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ්  සමාගම (X) 33%
  • සමූපකාර රක්ෂණ සමාගම 24%
  • නේෂන්ස් ලංකා සමාගම 20%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 06ක් රුපිියල් 132.75 බැගින්
  • සීඑස්එල්බී සමාගම කොටස් මිලියන 2.2ක් රුපියල් 26.00 බැගින්
  • ‍රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 29.50 බැගින්
  • වින්පෝස්ට් සමාගම කොටස් මිලියන 2.1ක් රුපියල් 17.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 264
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 185

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 79ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 60ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 19ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටේස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 30
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 19
  • හේලීස් සමාගම රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජැට් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 52
  • සීඑෆ්වීඑෆ් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img