spot_img
spot_imgspot_img

විමල් වීරවංශ අත්අඩංගුවට ගන්න යැයි නියෝගයක්

පුවත්

විදෙස්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් අද (19) වරෙන්තු නිකුත් කළේය.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ,  කොළඹ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම හේතුවෙන් මහජන පීඩාවක් සිදුකළේ යැයි ඔහු චෝදනා ලබා සිටී.

මේ සම්බන්ධ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී නඩුවේ පළමුවන විත්තිකරු වශයෙන් නම් කර සිටින විමල් වීරවංශ අධිකරණයේ පෙනී සිටියේ නැත. තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායක ද අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥවරයා වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, මෙම නඩුව කැඳවන සෑම දිනයකම එක් එක් විත්තිකරුවන් මාරුවෙන් මාරුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම නඩුව කිසිදිනක විභාගයට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි. විත්තිකරුවන් මේ ආකාරයෙන් අධිකරණයේ පෙනී සිටීම මඟහැරිය හොත් විත්තිකරුවන් සියලුදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර නඩුව ඇසීමට සිදුවන බවත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අනතුරු අඟවා සිටියේය.

ඉන් අනතුරුව නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට ද නියම කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!