අකුරැස්සේ කතකට කොරෝනා. මූලාශ්‍රය තහවුරු වී නෑ

0
167

අකුරැස්සේ අමලගොඩ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඇයට කොරෝනා සෑදුනු ආකාරය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

53 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වූ පසු ඇය පීසීආර් පරීක්ෂණයකට ද යොමුකර තිබේ. අද (09) එහි ප්‍රතිඵල ලැබී ඇති අතර එමගින් දැක්වෙන්නේ ඇය කොරෝනා ආසාදිත අයකු බවයි.

මේ කාන්තාවට කොරෝනා වැළදුණේ කවර ආකාරයකින් ද යන්න මෙතෙක් තහවුරු වී නැත. ඇයගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම සඳහා කටයුතු කරන ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධරීවරයාට දැනුම් දී ඇතැයි ද කරාපිටිය ශික්ෂණ රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here