-3.4 C
New York

සජබ මන්ත්‍රීගේ සොහොයුරා, හොර වීසා විකුණුවා යැයි රිමාන්ඩ්

Published:

ව්‍යාජ වීසා සාදා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගියබවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 21 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අද (18) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ මහම්මදු හාෂීන් අලීම් මහම්මුදු රාසික් නමැති 58 හැවිරිදි අයෙකි. ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම්ගේ සොහොයුරෙකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත්කරනු ලබන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකසා ඔහු විසින් එය මුදලට විකුණා ඇතැයි යන සැකය මත ඊයේ (17) ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශය මගිනි.

පොලිසිය පවසන්නේ ඩුබායි හි රැකියා අවස්ථා ලබාදෙන බව පවසා ඔහු ජාවාරම කරගෙන ගොස් ඇති බවයි.

Related articles

Recent articles

spot_img