-2.5 C
New York

ලාදුරු පැතිරීමේ දැඩි අවදානමක්. රෝගීන් 600ක් වාර්තා වෙයි

Published:

ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය නැවත පැතිරීමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්ධන ව්‍යාපාරය පවසයි.

20023 වර්ෂයේ පළමු මාස 05ක කාලයේ දී පමණක් ලාදුරු රෝගීන් 600ක් වාර්තාවීමෙන් මේ බව තහවුරු වන බව එම අංශය පවසයි.

ලාදුරු මර්ධන ව්‍යාපාරයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයේන් පමණක් ලාදුරු රෝගීන් 100ක් මේ වනවිට වාර්තා වී ඇති බවයි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෛන් 66ක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 56ක් සහ කලුතර දිිස්ත්‍රික්කයෙන් රෝගීන් 47ක් වාර්තා වී ඇතැයි ඔහු පවසයි.

ලාදුරු රෝගයේ මූලික ලක්ෂණයක් වන්නේ සම මතුපිට ලප ඇති වීමයි. ලාදුරු බවට සැකකළ හැකි එවැනි ලප දක්නට ලැබෙන්නේ නම් හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත්, 0754088640 දුරකථන අංකයට වට්ස්ඇප් මගින් ඡායාරූපයක් යොමුකරන ලෙසත් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර ඉල්ලා සිටියේය.

Related articles

Recent articles

spot_img