මුස්ලිම් සිරුරු භූමදානයට දීම සළකා බලන ලෙස ඉල්ලීමක්

0
176

කොරෝනා වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතියකයන්ගේ දේහ ආදාහනය නොකර භූමදාන කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ යළි සළකාබලන ලෙස සෞඛ්‍ය අංශ ඇතුළු බලධාරීන්ගෙන් තමන් ඉල්ලිමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසයි.

කොරෝනා මරණ මෙරටින් වාර්තාවීමත් සමඟ සෞඛ්‍ය ආමාත්‍යාංශය මළ සිරුරු සම්න්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කළ අතර ඉන් දැනුම් දි කොරෝනා හේතුවෙන් මියයන සියලු දෙනාගේ සිරුරු හැකි ඉක්මණින් ආදාහනය කළ යුතු බවයි. ඔවුන් කවර ආගමකට, ජාතියකට අයත් වුව ද මෙම තීරණය ක්‍රියාත්මක විය යුතු බව ද සෞඛ්‍ය අංශ තරයේ ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් එවකට මුස්ලිම් ආගමික නායකයන් හා රාවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් රජයෙන් ඉල්ලීම් ගණනාවක් කළද රජයේ තීරණය වෙනස් වූයේ නැත. වත්මන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මෙසේ පවසයි.

“ලෝක සෞඛ්‍ය සංවිධනයත් කොරෝනා හේතුවෙන් මියයන අයගේ දේහ භූමදාන කිරීමට අවසර දී තිබෙනවා. මේක රටේ සියලු ජනතාවට අසීරු කාලයක්. මට කෝල් 100ක් ආවොත් 99ක් කතා කරන්නේ මුස්ලිම් ජනතාවගේ සිරුරු ආදාහනය කරන එක නවත්වලා භූමදාන කරන්න දෙන්න අවස්ථාව සලසා දිය හැකි ද කියලා. මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හංවඩු ගහනවා. මෙතැන අන්තවාදයක් නෑ, ලෝකේ රටවල් 189ක ආදාහනයත් භූමදානයත් කියන දෙකම ලබාදී තිබෙනවා. මේ වයිරසය ගැන නොදන්නා නිසා මුල් කාලයේ අපිට පොඩි බයක් තිබුණා. නමුත් අපි දැන් වයිරසය ගැන දන්නවා. මේක විද්‍යානුකූළව සලකා බලා වයිරසය සමාජයට පැතිරෙන්නේ නැති ආකාරයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ සඳහා ලබා දිය හැකි අව්සථාව සලකා බලන්න යැයි අපි ඉල්ලීමක් කර තිබෙබනවා. මේ ඉල්ලීම කිරීමෙන් අදහස් කරන්නේ නැහැ අපි මේ රටේ ක්‍රියාත්මක නිරෝධායන නීතියට අභියෝග කරනවා කියලා.”

අධිකරණ අමාත්‍ය අලි සබ්රි තම ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු කිය තිබුණේ තමන් මුස්ලිම් ජාතිකයකු වුව ද අන්තවාදියකු නොවන බවයි. එමෙන්ම රටකට තිබිය හැක්කේ එක නීතියක් බව ද ඔහු තරයේ කියා සිටියේය.

මේ අතර 20 වැනි සංශෝධනයට රාවුෆ් හකීම්ගේ පක්ෂයේ ඔහු හැර අනිත් මන්ත්‍රීවරු සියලු දෙනා සහයෝගය දුන් කොන්දේසි අතර කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට අවසර දීමේ කොන්දේසිය ද තිබූ බව එම දිනවල විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here