spot_img
spot_imgspot_img

රනිල් – පොහොට්ටු, දීගය දිගටම

පුවත්

විදෙස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සහයෝග අඛණ්ඩව ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (14) එකඟතාව පළකර තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (14) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාවක දී මේ එකඟතාවට එළැඹ තිබේ.

එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ජීවන් තොන්ඩමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ

ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබාදුන්න ද පක්ෂය දැනුම්වත් නොකර සිය නියෝජිතයන් කැඳවීමක් නොකරන ලෙස ද එම පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද වාර්තාවේ. පසුගිය දා දිස්ත්‍රක් සංවර්ධන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු නියෝජිතයන් ජනාධිපතිවරයා සමඟ රැස්වීමකට කැඳවා තිබූ අතර එලෙස කැඳවීම සම්බන්ධයෙන් විරෝධතාවක් ද එල්ල වී තිබිණි. එදින කැඳවූ දිස්ත්‍රික් නායකයන් අතරින් විශාල පිරිසක් රැස්වීමට සහභාගී වී තිබුණේ ද නැත.

ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ඉදිරියටත් ලබාදීමට එකඟතාව ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේය.

එමෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සෑම මසකට වරක් ජනාධිපතිවරයා සමග රැස්වීමක් පැවැත්වීමට ද එහිදි යෝජනා වූ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!