-1.6 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 16,360ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,591ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 54ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,069 ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 214
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 170
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 151

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්ලූ ඩයමන්ඩ් සමාගම කොටස් මිලියන 27
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 25
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • බේරුවල රිසෝට් සමාගම 16%
  • බ්ලූඩයමන්ඩ් සමාගම 16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් කොටස් 250,000ක් රුපියල් 141.50 බැගින්
  • සම්පත් බැංකුව කොටස් මිලියන 1.8ක් රුපියල් 51.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 130.00 බැගින්
  • ඇක්සස් ඉන්ජිනියරිං සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 15.20 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 266
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 20ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 199ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 179ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 04
  • හේලීස් සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 104
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 65
  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img