5.6 C
New York

භික්ෂුවක් විසින් මූල්‍ය ආයතනයක හිමිකරු පැහැරගෙන ගිහින්

Published:

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු පැහැර ගෙන ගිය බව කියන බෞද්ධ භික්ෂුවක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ දෙමටගොඩ දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවතේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය අයෙකි.

ඔහු  පැහැර ගැනීම සඳහා භික්ෂුවට උදව් උපකාර කළ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් රියදුරකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පොලිසිය පවසන්නේ එම පුද්ගලයා පැහැරගැනීමට පැමිණ ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයට අයත් කැබ් රථයක් බව ද අනාවරණය වී ඇති බවයි.

මාකොළ ප්‍රදේශයේ පිහිටා ඇති, මූල්‍ය ආයතනයේ හිමිකරුට නිවසක ඔප්පුව හා ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද එම පිරිස විසින් බලහත්කාරයෙන් රැගෙන ඇතැයි ද පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ.

පැහැරගැනීමට ලක් වූ මූල්‍ය ආයතනයේ අයිතිකරු කොළඹ රාජකීය උද්‍යානය අසළ දමා ගිය පසු ඔහු දෙමටගොඩ පොලිසියට පැමිණ ඒ සම්බන්ධ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඉන් පසු සිදුකරන ලද විමර්ශන අනුව අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

Related articles

Recent articles

spot_img