9.2 C
New York

මංගල බස් රථයක් අනතුරට ලක්වීමෙන් දස දෙනෙකු මරුට

Published:

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට උතුරින් හන්ටර් නිම්නයේ මංගල බස් රථයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු රෝහල් ගත කර ඇති බව බලධාරීහු පවසති.

මගීන් ඉරිදා රාත්‍රියේ හන්ටර් නිම්නයේ වයින් කර්මාන්ත ශාලාවක පැවති මංගල උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටියදී ඔවුන්ගේ රථය ග්‍රේටා නගරය ආසන්නයේදී පෙරළී ඇත.

58 හැවිරිදි බස් රථ රියැදුරාට අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් පොලිසිය චෝදනා ගොනු කර තිබේ.

මියගිය අය හඳුනාගැනීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින අතර අනතුරට ලක්වූ බස් රථයේ නව යුවළ සිටි බවට වාර්තා වී නොමැති බව බලධාරීහු පවසති.

පොලිසියට අනුව, ප්‍රදේශයේ දැඩි මීදුම පැවති අතර, අධිවේගී මාර්ගයේ වටරවුමක හැරීමක් සිදු කිරීමේදී බස් රථය පෙරළී ඇත. 

නිව් සවුත් වේල්ස් පොලිසියේ වැඩබලන සහකාර කොමසාරිස් ට්‍රේසි චැප්මන් පැවසුවේ අමුත්තන් “ඔවුන්ගේ නවාතැන් සඳහා” සිංගල්ටන් වෙත ගමන් කරමින් සිටි බවයි. අනතුරෙන් දිවි ගලවා ගත් දෙදෙනෙකු ගුවන් මගින් ගෙනගොස් ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය. ඔවුන්ගෙන් එක් අයෙකු හෝ තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසුවේ “එවැනි සුන්දර ස්ථානයක ප්‍රීතිමත් දිනයක් මෙතරම් දරුණු ජීවිත විනාශයකින් අවසන් වීම” “ඉතා කුරිරු, කනගාටුදායක සහ අසාධාරණ” බවයි.

https://www.bbc.com/news/world-australia-65874374

Related articles

Recent articles

spot_img