10.2 C
New York

ලෝක ටෙස්ට් ශූරතාව, ඕස්ට්‍රේලියාවට

Published:

ලෝක ටෙස්ට් ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (11) සමත්විය. ඒ අවසන් මහා තරඟයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජයට පත්කරමිනි.

මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවෝ සිය පළමු ඉන්ම සඳහා සියලු දෙනා දැවී ලකුණු 469ක් රැස්කිරීමට සමත්වූහ.

ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 296ක් පමණි. ඉන් පසු නැවත සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 270ක් රැස්කර සිටිය දී සිය ඉනිම අත්හිටුවා ඉන්දියානුවන්ට දෙවැනි ඉනිම සඳහා ආරාධනා කර සිටියේය.

තරඟය ජයග්‍රහනය කිරීම සඳහා දෙවැනි ඉනිමේ දී ලකුණු 444ක් රැස්කරගත යුතු වුව ද ඉන්දීය කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 234ක් පමණි. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජයට පත්කරමින් ලෝක ටෙස්ට් ශූරතාව දිනාගැනීමට සමත්විය.

Related articles

Recent articles

spot_img