-3.4 C
New York

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොසළකා හරියි ?

Published:

ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වීමට සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හෝටල් කාමර නොලැබීම හේතුවෙන් පැය 03කට අධික කාලයක් හෝටලයේ බිම වාඩිවී සිටීමට සිදුව ඇත.

අයිසීසී තම කණ්ඩායම කෙරෙහි දක්වා ඇති අඩු අවදානය පිළිබඳ මහීෂ් තීක්ෂණ සමාජ මාධ්‍යයට ඡායාරූප කිහිපයක් එකතුකර තිබිණි.

මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ  ශ්‍රී ලංකා කණ්ඩායම දහවල් හෝටලයට පැමිණ ඇති අතර  ශ්‍රී ලංකා කණ්ඩායමට පෙර පැමිණි තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් පරීක්ෂා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් “පරීක්ෂා කිරීම” ප්‍රමාද වීමට හේතු වී ඇති බවය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසු ICC සමඟ එක්ව ගැටලුව නිවැරදි කර ගැනීමට කටයුතු කළ බව එම නිවේදයේ දැක්වෙයි.

Related articles

Recent articles

spot_img