spot_img
spot_imgspot_img

විදුලි සේවකයෝ, රජයට අනතුරු අඟවති

පුවත්

විදෙස්

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට අදාල පනත වහාම හකුළා නොගන්නේ නම් විදුලිබ මණ්ලඩය සම්බන්ධ සියලු ම වෘත්තීය සමිති ජුනි මස 21 වැනි දා සේවයෙන් ඉවත්ව විහාරමහාදේවී උද්‍යානයේ විරෝධතාවක් ආරම්භ කරන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඊයේ (10) කියා සිටියේ විදුලිබල මණ්ඩල පනත මේ වනවිට කෙටුපත් කර ඇති බවයි. ඉදිරි දින කිහිපයේ දී එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

“අපි මේ පනත ක්‍රියාත්මක කිරීම ව්‍යර්ථ කරන්න ඕනේ. මේ පනත සම්මත කරලා සති 06ක් ඉක්මවා යෑමෙන් පසු ඔක්තෝබර් 01 වැන දා සිට විදුලි සමාගම් 15කට රට තුළ ක්‍රියාත්මක වෙන්න අවසර ලැබෙනවා. මේ පනතේ ප්‍රතිපාදන අනුව සේවකයන්ගේ විශ්‍රාම වැටුපට මොකද වෙන්නේ කියා අපි දන්නේ නැහැ. කොහොම වුණත් විදුලිබල මණ්ඩලය සමාගම්වලට ලබාදීමට අපි විරුද්ධයි. මේ පනත රජය විසින් වහාම හකුලා ගන්න ඕනේ. එසේ නොකරනවානම් අපි විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති එකතුවෙලා 21 වැනි දා බලාගාර සේවයෙන් ඉවත්වෙනවා. විහාරමහාදේවී උද්‍යානය අසළට එකතුවෙලා විරෝධතාවක් ආරම්භ කරනවා.”

ඔහු පවසන්නේ මේ පනත වහාම හකුළාගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!