ජනාධිපතිට, අගමැතිට, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහා අලුතෙන් ගොඩනැගිලි ඉදිකර දැනට භාවිතා කරන ඓතිහාසික වටිනාකමක් සහිත ගොඩනැගිලි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා යොදාගැනීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ අද්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසයි.
ශ්‍රී ලංකාවේ පරිපාලන නගරය බවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පත්කිරීමට ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ පැවැති සැළසුමේ තවත් අදියර කිහියක් අනුව මෙය ක්‍රියාත්මක කරන බව ද සඳහන් වේ.
ඒ අනුව ජනාධිපති නිල නිවස, අග්‍රාමාත්‍ය නිල නිවස සහ ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා සුදුසු ස්ථාන හඳුනාගෙන ඒ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහට වාර්තා කිරීමට නියමිතය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය “කොළඹ උරුම නගරය” ව්‍යාපෘතිය යටතේ සංචාරක ආකර්ශණ ස්ථාන ලෙස සංරක්ෂණය කර ආරක්ෂා කිරීමටත් ඒවා සංචාරකයන් සඳහා විවෘතව තැබීමටත් සැළසුම් කෙරෙන බවයි.
එම සැළැස්මට අනුව කොළඹ නගරයේ ඇති සංචාරක ආකර්ශනය සහිත ගොඩනැගිලි කිහිපයක් ආයෝජකයන්ට බදු දීමට ද නියමිය. කොටුවේ පිහිටි මහ තැපැල් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල, ගුවන් හමුදා මූලස්ථානය, විසුම්පාය, ශාවස්ත්‍රි ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, ජාවත් පාරේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටි කොඩනැගිල්ල, වැලිකඩ බන්ධනාගාරය සහ ආරක්ෂක අමාත්‍යාංශය පිහිටි පැරණි ගොඩනැගිල්ල බදු දීමට නියමිතය.