spot_img
spot_imgspot_img

නවකයන්ට, නරක් වූ බත් කැවූ ජ්‍යෙෂ්ඨයන්ගේ පන්ති තහනම්

පුවත්

විදෙස්

නවක සිසුන්ට පිළුණු බත් කවා පරුෂ වචනයෙන් බැන වැදුණු දෙවැනි වසර සිසුන් 11 දෙනකුට තාවකාලික පන්ති තහනමක් පැනවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පවසයි.

එම පන්ති තහනම පනවා ඇත්තේ ඊයේ (09) සවස සිටය. මෙම පන්ති තහනම තාවකාලික එකක් බවත් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුන් පිරිසකට මෙලෙස පන්ති තහනම් කර ඇත්තේ පසුගිය 05 වැනිදා කළමණාකරණ පීඨයේ නවක සිසුන් පිරිසක් අක්බාර් නේවාසිකාගාරයට රැගෙන ගොස් පිළුණු බත් කෑමට දී පරුෂ වචනයෙන් බැනවැදුණනු බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!