2021 ජනවාරි 20 වැනි දා නව ජනාධිපතිවරයා සිය රාජකාරී භාරගැනීමත් සමඟ ධවල මන්දිරයෙන් පිටව යාමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය බිරිඳ අහිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් සැමියාගෙන් දික්කසාදවීමට කලින් තීරණය කර තිබුණ ද ට්‍රම්ප් ජනාධිපතිධූරට පත්වීම හේතුවෙන් ඇගේ අදහස කල් දමා තිබුණේ එසේ කළහොත් එය ජනාධිපතිවරයාට අපහාසයක් වන බව පවසමිනි.
2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු මෙලනියා ට්‍රම්ප් තම සමීප මිතුරියක් සමග හඬා වැළපෙමින් පවසා ඇත්තේ තම සැමියා ජනාධිපතිවනු ඇතැයි කිසිදු විටෙක බලාපොරොත්තු නොවූ බවයි.
74 හැවිරිදි වියේ පසුවන ඩොනල්ඩ් ට්‍රම්ගේ බිරිඳ 50 වැනි වියේ පසු වන්නීය. ඔවුන් දෙදෙනාගේ විවාහ දිවිය වසර 15කි. මේ දෙදෙනා ඇතැම් අවස්ථාවල දී රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා එක්ව පෙනී සිටිය ද ඔවුන් ධවල මන්දිරයේ දී ජීවත් වූයේ වෙන වෙනම කාමර දෙකක බව මෙලනියාගේ සහායිකාවක වන ස්ටෙෆනි වොල්කොෆ් කියා ඇත. ඇය වැඩිදුරටත් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධනයෙන් සමාන කොටසක් බැරන් ට්‍රම්ප් හට ලබාදීම සඳහා මෙලනියා පශ්චාත් විවාහ ගිවිසුමක් පිළිබඳ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි
(ඡායාරූපය – බිරිඳගේ ඡන්දයත් සැකකරන ඩොනල්ඩ් ට්‍රම්ප්)