-3.4 C
New York

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩුව, යළි කැඳවීමට දින නියම කරයි

Published:

ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල නැවත ජූලි මස 19 වැනි දා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (07) නියෝග කළේය.

අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ දී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පිරිිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් නීති උපදෙස් ලැබුණු බවයි. නමුත් එලෙස ලැබුණු නීති උපදෙස් අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බව ද ලබන 23 වැනි දා එම පෙත්සමට අදාල තීන්දුව ලැබීමට නියමිත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව විසින් දැනුම් දෙන ලදී.  ඒ අනුව ඉන් පසු දිනයක මෙම නඩුකරය කැඳවන ලෙස ඉල්ලා සිටින ලදී.

එම කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ලබන ජූලි මස 19 වැනි දා නඩුව කැඳවන ලෙස නියම කළේය. එමෙන් ම මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු කිහිප දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර තහනම ඉවත්කිරීමට ද නියෝග කළේය.

Related articles

Recent articles

spot_img