කොළඹ මැනිං වෙළෙඳ පොළ විවෘත නොකිරීමෙන් උණුසුම් තත්ත්වයක්.

0
128

කොළඹ මැනිං වෙළෙඳ පොළ අද (09) අලුයම විවෘත කරන බවට දැනුම් දී තිබුණ ද එය විවෘත කිරීමට පොලිසිය විසින් අවසර නොදීම හේතුවෙන් අළුයම කොළඹ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

විවිධ ප්‍රදේශවලින් එළවළු තොග රැගත් වෙළෙන්දෝ සහ ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. එසේ වුව ද පොලිසිය ඔවුන්ට මැනිං වෙළෙඳ සංකීර්ණයට ඇතුළුවීමට අවසර දුන්නේ නැත.

මේ අවස්ථාවේ දී කෑ කෝ ගැසීම් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර ඇතැම් එළවළු ලොරි වෙනත් වෙළෙඳ ස්ථාන වෙත පිටත්ව ගියේය. තවත් පිරිසක් මැනිං වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට තොග වෙළඳාම් ආරම්භ කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙසේ කීවේය.

“දින ගණනක් කොළඹ ඇතුළු බස්නාහිර පළාත වහල තිබිලා අද උදේ තමයි පටන්ගත්තේ. ගම්පහ දිස්ත්‍රික්කයත් මාසයක් පමණ වසා දමා තිබුණා. යම් යම් තීරණ අරගෙන තිබුණත් පීසීආර් පරීක්ෂණ වලින් ඇතැම් තැන්වල තවමත් රෝගීන් වාර්තාවනවා. ඇඳිරිනීතිය ඉවත්කළ වහාම ඇතැම් තැන් විවෘත කිරීමේ ගැටලු මතුවෙනවා. අපිට සියල්ල යථා තත්ත්වයට පත්කරන්න පැය කිහිපයක් ඇතැම්විට වරුවක් වගේ කාලයක් ගත වේවි. මේ ගැන ඉදිරි පැය කිහිපයේ දී සෞඛ්‍ය බලධාරීන් සමඟ අදාල බලධාරීන් නිශ්චිත තීරණයක් ගනීවි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here