-2.5 C
New York

හතරැස්කොටුව අතකුරින්, දෙදෙනකුට දිවි අහිමිවෙයි

Published:

සිමෙන්ති කුඩු පැටවූ ටැංක රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි හතරැස්කොටුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා නඩතිව් පදිංචි මුස්තපා අලබ්දීන් (49) සහ කින්නියා සමච්චතිව් ප්‍රදේශයේ පදිංචි මුස්තලින් සුහයිලා උම්මා (45) නමැති දෙදෙනෙකි.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (06) උදෑසන හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ කිතුල්උතුව, සිංහපුර ප්‍රදේශයේ දී ය. 

පොලිසිය පවසන්නේ වෑන් රථය කටුනායක සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය කර ඇති බවයි. ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය කළ ටැංකි රථය පෙරළී තිබූ බවත් වෑන් රථයට දැඩි අලාභ සිදුව ඇති වත් පොලිසිය කියයි.

Related articles

Recent articles

spot_img