10.2 C
New York

බදු සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබෙයි

Published:

එකතු කරන ලද අගය මත බද්ද 2024 ජනවාරි 01 වැනි දා සිට අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව බදු මුදල සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන වෙනස් කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව අනුව මෙම බදු සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වාදීමට නියමිත බවයි. ඒ අනුව බදු නිදහස් කිරීම් ඉවත්කරමින් වැට් බදු ක්‍රමය සංශෝධනය කිරීමටත් වඩාත් සරල කරන ලද එකතු කරන ලද අගම මත බදු අය කිරීම අහෝසි කිරීමටත් කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img