අනුරාධපුර නගරයේ යාචකයකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරුවීමත් සමඟම නගරයේ තැන තැන සැරිසරන තවත් යාචකයන් 81 දෙනකු නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබේ.
අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස් රුවන් විජේසිංහ පවසන්නේ කොරෝනා වැළඳී ඇති බව තහවුුුුරු වූයේ සිංහ කුළුණ අසළ රැඳී සිටි යාචකයකුට බවයි. මේ හේතුවෙන් ඊයේ (08) නගරයේ සිටින සියලු යාචකයන් නිරෝධායනයට යොමුකර තිබේ.
ඔවුන් නිරෝධායනය සඳහා පරන්ගස්වැව, කාටුපුලියන්කුලම පාසට යවා ඇත. එහි දින 14ක් රඳවා තැබීමට මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පියවර ගෙන තිබේ.