සියලු සැළසුම් කණපිට. කොරෝනා හිතුවාට වඩා වෙනස්

0
698

මුළු ලෝකයම ගිලගෙන ඇති කොරෝනා වසංගතය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ බීජෞෂණ කාලය හෙවත් වයිරසයක් දේහ ගත වීමත් රෝග ලක්ෂණ පහළ වීමත් අතර ගත වන කාලය දින 14ක් ලෙස හැඳින්විනි. මේ කාලය සැළකිල්ලට ගත් මෙරට සෞඛ්‍ය අංශ පසුගිය දා කියා සිටියේ යම් පුද්ගලයකු නිරෝධායනය සඳහා යොමුකළ පසු දින 14ක කාලයක් පුරාවට රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන්නේ නම් ඔහු හෝ ඇය පීසීආර් පරීක්ෂණයක් නොපවත්වාම බාහිර සමාජයට මුදාහැරිය හැකි බවයි.

නමුත් කොරෝනා වයිරසයේ බීජෞෂණ කාලය වරින් වර වෙනස්විය හැකි බව ජාත්‍යන්තර වශයෙන් කොරෝනා වයිරසය පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පවසයි.

මේ සම්බන්ධ නවතම පර්යේෂණ වාර්තාවක් අයර්ලන්තයේ ඩබ්ලින් හි ට්‍රිනිටි කොලේජ් හි පර්යේෂකයන් වන ප්‍රකාශිනී බැන්කර් සහ කැතරීන් කොමිස්කි විසින් ඉදිරිපත් කර තිබිණි.

ඔවුන් දෙදෙනාගේ පර්යේෂණයෙන් තහවුරු වී ඇත්තේ කොරෝනා වසංගතය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ බීජෞෂණ කාලය කලින් සිතා සිටිය පරිදි දින 04 – 6.4 අතර කාලයක් නොවන බවයි. එය දින 01- 34 දක්වා වෙනස්වන බව මේ දෙපළ පෙන්වා දුන්හ.

ඔවුන් මේ පර්යේෂණය සිදුකර ඇත්තේ ජනවාරි මස 01 වැනි දා සිට 27 වැනි දින දක්වා කාල සීමාව තුළ කොරෝනා වැළඳුණු වයස අවුරුදු 90 දක්වා විවිධ වයස් කාණ්ඩවලට අයත් ගැහැනු පිරිමි 45,151ක පිරිසකගේ දත්ත ලබාගනිමිනි.

මෙහි දී ඔවුන් ඉදිරිපත් කරන දත්ත අනුව මෙතෙක් ලෝකයේ SARS-CoV-2 වයිරසයේ බීජෞෂණ කාලය පිළිබඳ තිබූ මතය සහමුලින් ම බිඳ වැටේ. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් වන්නේ මෙතෙක් කොරෝනා මර්ධනයට සැළසුම් කර තිබූ සියලු දේ වෙනස් කිරිමට සිදුවීමයි.

ඔවුන් දෙදෙනා සිය පර්යේෂණ වාර්තාවෙන් දක්වා ඇත්තේ වයිරසයේ අවම බීජෞෂණ කාලයත් දින 01ක සිට 09 දක්වා වන බවයි. උපරිම බීජෞෂණ කාලය වන්නේ දින 04 සිට 34 දක්වා මාසයක කාලයකි. මධ්‍යන්‍ය බීජෞෂණ කාලය දින 6.71ක් බව ද ඔවුහු පවසති. වයිරස අංශු අතරින් 95%ක ප්‍රමාණයක බීජෞෂණ කාලය දින 01ත් 12.4ත් අතර වෙයි.

වයිරසය පැතිරීම පාලනය සඳහා SARS-CoV-2 මේනම රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත්, ඖෂධ නිපදවීමේ කටයුතුවලදීත් වයිරසයේ බීජෞෂණ කාලය නිවැරදිව වටහාගෙන තිබීම ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් මෙතෙක් වයිරසය සඳහා එන්නත් නිපදවීම, ආසාදනය විය හැකි පුද්ගලයන් නිරෝධායනය කිරීම, සුවය ලබන රෝගීන් බාහිර සමාජයට යැවීම ආදී සියලු දේ සැළසුම් කරන ලද්දේ SARS-CoV-2 වයිරසයේ බීජෞෂණ කාලය දින 14කට ආසන්න බව තක්සේරු කරමිනි. නමුත් දැන් සියල්ල කණපිට පෙරැළී තිබේ. එහි බීජෞෂණ කාලය දින 34කි. 

මේ පිළිබඳ පර්යේෂකයන් දෙපළ පවසන්නේ බීජෞෂණ සමය පෙර ඇස්තමේන්තු ගතකර තිබූ කාලයට වඩා වැඩි බැවින් මෙතකේ සිදුකළ රෝගී සත්කාරක, නිරෝධායන සේවාව මෙන්ම එන්නත් පිළිබඳ පර්යේෂණ ආදී සියලු ම දේ යාවත්කාලීන කිරීම කෙරෙහි ලෝකයේ ම අවධානය යොමුවිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here