-2.5 C
New York

සමාගම් 08ක් සමඟ ගනුදෙනු කළා නම්, ඔබත් අමාරුවේ. මහ බැංකුව කියයි

Published:

පිරමීඩාකාර ජාවාරම් සිදුකරන සමාගම් 08ක් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

එම ව්‍යාපාර සමාගම් පනත යටතේ ලියාපදිංචිකර ඇතත් ඒවා 1988 අංක 30 දරණ බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව පරීක්ෂණයකින් තහවරු කරගත් බව මහ බැංකුව නිකුත්කළ නිවේදනයේ සඳහන් කර ඇත.

එම සමාගම් පහත දැක්වේ.

  1. Tiens Lanka Health Care (Pvt) Ltd
  2. Best Life International (Pvt) Ltd
  3. Global Lifestyle Lanka (Pvt) Ltd
  4. Mark Wo International (Pvt) Ltd
  5. VMLInternational (Pvt) Ltd
  6. Fast 3Cycle International (Pvt) Ltd (F3C)
  7. Sport Chain App, Sports Chain ZS Society Sri Lanka
  8. OnmaxDT

ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාව වෙත දැනුම් දෙන්නේ පිරමීඩාකාර යෝජනා ක්‍රම කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම, අර්පණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම, පැවැත්වීම, එවැනි යෝජනා ක්‍රම සඳහා මුදල් සැපයීම හෝ එවැනි යෝජනා ක්‍රම කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

එවැනි වරදක් කරන්නේ නම් වසර තුනකට නොවැඩි සිරදඬුවමක් හෝ රුපිියල් මිලියනයකට නොවැඩි දඩයක් හෝ සිරදඬුවම් සහ දඩ යන දෙකම හෝ ඇතුළත් විය හැකි බව ද මහ බැංකුව සිය නිවේදනයේ සඳහන් කර ඇත. එම වරද කරන්නේ දැන දැනම හෝ සිතාමතා ම හෝ වෙනත් අයකුට අලාභයක් හෝ හානියක් සිදුවන බව දැන දැනම හෝ නම් වසර තුනකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිිරීමකට ලක්විය හැකි බව ද සඳහන්ය. ඊට අමතරව රුපියල් මිලියන දෙකක් හෝ එම යෝජනා ක්‍රමයේ සහභාගීකරුවන්ගෙන් ලබාගත් බවට හෙළි වන හෝ හෙළි කරන ලද එකතු මුදලේ දෙගුණයක වටිනාකමක් ශ්‍රී ලංකා රුපියල් යන දෙකෙන් වැඩි මුදල ගෙවිය යුතු බව ද නීතියේ සඳහන් වේ.

Related articles

Recent articles

spot_img