(Advertorial)
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ නව සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලදාරී ලෙස දමිත් පල්ලෙවත්ත කටයුුත කිරිමට නියමිතය. මේ වනවිට එම තනතුරුවල කටයුතු කරන ජොනතන් අලස් 2024 අගෝස්තු මස 23 වැනි දින හැටන් නැෂනල් බැංකුවෙන් විශ්‍රාම ගැනීමටත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වීමටත් තීරණය කර තිබේ.
ඒ අනුව, 2024 අගෝස්තු 24 වැනි දින සිට ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස දැනට හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන දමිත් පල්ලෙවත්ත අධයක්ෂ මණ්ඩල රැස්වීමේ දී තෝරාගෙන ඇත.
දමිත් පල්ලෙවත්ත යනු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකි. බැංකු ක්ෂේත්‍රයේ වසර 27කට වැඩි පළපුරුද්දක් ඇති හැටන් නැෂනල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආයතනික කළමනාකාරීත්වේය වසර 14කට වැඩි කාලයක් කටයුතු කර තිබේ.
ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ වාණිජ බැංකු දෙකක ආයතනික කළමනාකරණ තනතුරු ද හොබවා ඇත.