1.7 C
New York

වෙඩි තැබීමකින් සිව් දෙනකු මරුට

Published:

ජපානයේ නාගෝනා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් සහ පිහි ඇණුමකින් පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. කාන්තාවකට පිහියෙන් ඇණ ඝාතනය කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනකුට වෙඩි තබා තිබේ. වයෝවෘද්ධ කාන්තාවක් වන සිව්වන පුද්ගලයා මිය ගියේ කෙසේද යන්න පැහැදිලි නැත.

31 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පවසන්නේ ඔහු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ පුතකු බවයි.

සැකකරු සතුව ගිනි අවි සඳහා බලපත්‍රයක් තිබූ බව නිලධාරීහු පවසති.

ජපානයේ තුවක්කු හිමිකම පිළිබඳ දැඩි නීති ඇති අතර, දඩයම් රයිෆල් සහ වායු රයිෆල් හිමිකර ගැනීමට සිවිල් වැසියන්ට පමණක් අවසර දෙයි. ජපානයේ තුවක්කුවක් මිලදී ගැනීම සඳහා මිනිසුන්ට දැඩි විභාගයක් සහ මානසික සෞඛ්‍ය පරීක්ෂණ පවා සිදු කළ යුතුය.

ජපානයේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අතිශයින් දුර්ලභ වන අතර පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම ඊටත් වඩා දුර්ලභ බව විචාරකයෝ පවසති. පසුගිය වසරේ ජූලි මාසයේදී හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඝාතනයට අමතරව මෙවැනි සිදුවීමක් වාර්තා වන්නේ වසර 30කට පමණ පෙරදී බව මාධ්‍ය සඳහන්කර තිබේ.

https://www.bbc.com/news/world-asia-65709901

Related articles

Recent articles

spot_img