-2.5 C
New York

ෂාෆ්ටර්ගේ සිරුර ගොඩගත් පසු සිදු වූ දේ

Published:

මියගිය ව්‍යාපාරිකයකු වන දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර අධිකරණය නියෝගයට අනුව අද (25) උදෑසන ගොඩගැනීමෙන් අනතුරුව එය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන එන ලදී.

සවස 3.00 ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාටය ගෙන ආ සිරුර ඊට සුළු මොහොතකට පසු ස්කෑන් පරීක්ෂණයක් සඳහා කරාපිටිය හදිසි ප්‍රතිකාර ඒකකයේ විකිරණ පරීක්ෂණ අංශය වෙත ගෙන යන ලදී.

ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකර තිබූ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන්ගෙන් චෝදනා එල්ලවීම හේතුවෙන් එම මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත්කිරීමට අධිකරණය කටයුතු කළේය.

මරණය සම්බන්ධ නිශ්චිත හේතු සොයාගැනීමට නම් මළ සිරුර නැවත ගොඩගෙන පරීක්ෂා කළ යුතු යැයි එම කමිටුව විසින් අධිකරණයට කර තිබූ දැනුම් දීමකට අනුව අද (25) මළ සිරුර ගොඩගැනීම සිදුකරන ලදී.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර සහ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහචාර්ය යූ.සී.පී.පෙරේරා දෙදෙනා ම මෙම කමිටුව නියෝජනය කරති.

අද (25) දිනයේ මළ සිරුරු ස්කෑන් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img