-2.5 C
New York

හොරබඩු ජාවාර‍මේ දී තමන් බේරුවේ නැතැයි, මන්ත්‍රීවරයා ආණ්ඩුව සමඟ විරසක වෙයි

Published:

නීති විරෝධී ලෙස රත්තරන් තොගයක් සහ ජංගම දුරකථන තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙද්දී අත්අඩංගුවට ගත් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා, එම අවස්ථාවේ තමන් බේරාගත්තේ නැතැයි රජයට දෝෂාරෝපණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (24) මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත්කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ දී විරුද්ධව ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව මාධවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමිනි.

රුපියල් කෝටි 08කට ආසන්න හොර බඩු සමඟ කටුනායක දී රේගුව විසින් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ඊට අදාල දඩ මුදල වූ රුපියල් ලක්ෂ 75ක් ගෙවා භාණ්ඩ රාජසන්තක වීමෙන් පසු ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

ඔහු මෙසේ ද කීවේය.

“මේක මගේ වැරැද්දක් නෙවෙයි. මම ගෙනාවේ නෑ. මගේ ගෝලයෝ තමයි කිව්වේ. මම මේ ගැන ජනාධිපති ලේකම්ට කිව්වා. අගමැතිට කිව්වා. හැමෝම කිව්වේ බලන්නම් කියලා විතරයි. නමුත් මට සාධාරණයක් වුණේ නැහැ. මාධ්‍යවල ගියේ මං වැරැද්දක් කළා වගේ. අන්තිමේ දී මට ලක්ෂ 75ක් නිකරුණේ ගෙවන්න වුණා. දඩ ගෙවලා තමයි මම එළියට ආවේ. ආණ්ඩුව මම අමාරුවේ වැටුණු වෙලාවේ මට උදව් කළේ නෑ. ජනක රත්නායක මට වැරැද්දක් කරලා නෑ. ඒ නිසා මම යෝජනවේ දී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා. මගේ ගෝලයෝ තමයි මේ බෑග් එක පැක් කළේ. මගේ බෑග් එකටත් ඒවා දාලා. කස්ටම් එකෙන් මගේ ගෝලයත් අත්අඩංගුවට ගත්තා. ඒත් සම්පූර්ණ දඩ ගෙව්වේ මම. මේ වගේ අසාධාරණ වෙනකොට ආණ්ඩුවත් එක්ක ඉදලා වැඩක් නෑ. මාව බේරුවේ නැත්නම් ආණ්ඩුවත් එක්ක ඉදලා වැඩක් නෑනේ”

Related articles

Recent articles

spot_img