-1.6 C
New York

බුද්ධ වචනය පසෙක තබා, මුදල් ඉල්ලා සිඟමන් යන චීවරධාරියෝ

Published:

පොසොන් උත්සවය සඳහා රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 30ක මුදල ප්‍රමාණවත් නැතැයි ද තවත් රුපියල් ලක්ෂ 100ක මුදලක් අවශ්‍ය යැයි කියිමින් මිහින්තලා විහාරාධිපිත වලවාහැංගුණවැවේ ධම්මරතන ඇතුළු භික්ෂූන් වහන්සේලා මුදල් ඉල්ලා සිඟගමනේ යන අයුරු දැකගත හැකිවිය.

පිඬු යනු ආහාරයි. ආහාර ඉල්ලා ගම්දොර සංචාරය කිරීම බෞද්ධයා හැඳින්වූයේ පිඬු සිගා වැඩීම යනුවෙනි. නමුත් මේ භික්ෂූන් ඉල්ලන්නේ ආහර නොවේ. බුදු දහමේ දස අකැප වස්තූන්ගෙන් එකක් වන මුදල්ය. එවිට එය පිඬු සිඟා වැඩීමක් නොවේ. මුදල් සිඟමන් යෑමකි. සිඟමන් යදිමින් මුදල් එකතු කිරීම මෙරට නීතියට අනුව තහනම් කටයුත්තකි.

එසේ වුව ද පොලිසිය ද සිඟමන් යදින මේ පිරිසට පොලිස් ආරක්ෂාව සළසා දී තිබිණි. සිඟමන් යැදීම ‍නීතියෙන් තහනම් බව පොලිසිය හොඳින්ම දන්නා කරුණකි

බුද්ධ දේශනාව අනුව භික්ෂූන්ට මුදල් භාවිතය, ළඟ තබා ගැනීම, මුදල් ඉපයීම හෝ මුදල් ඉල්ලා සිටීම අකැප කරුණකි. එමෙන්ම යම් භික්ෂුවක් මුදල් පරිහරණය කරන්නේ නම් ඔවුන්ගේ භික්ෂූත්ව අහෝසිවන බව ද ධර්මයේ දැක්වේ.

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලේ දී පැවැත්වීමට  රජය කටයුතු යොදා ඇති අතර ඒ සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාදෙන බව ද වාර්තා වේ.

මිහින්තලා විහාරාධිපති පවසන්නේ මේ මුදල ප්‍රමාණවත් නොමැති බවයි. පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන බව කියන මිහිඳු පෙරහැර සඳහා පමණක් ලක්ෂ 130ක් වැය වන බව පොසොන් කමිටු රැස්වීමේ දී වලවාහැංගුණවැවේ ධම්මරතන දැනුම් දුන්නේය.

වලවාහැංගුණවැවේ ධම්මරතන චෝදනා කරන්නේ රජයට ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට කිසිම උනන්දුවක් නැති බවයි.

ඡායාරූපය ලංකාදීප වෙබ් අඩවියෙනි

Related articles

Recent articles

spot_img