5.6 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 12,885ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 599ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 105ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,611ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 62
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 40
  • ඇල්පිටිය වැවිලි සමාගම රුපියල් මිලියන 34

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 04
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 2.9
  • සොෆ්ට්ලොජික් කැපිටල්  සමාගම කොටස් මිලියන 01

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • ඇල්පිටිය වැවිලි සමාගම 20%
  • සිංගර් ශ්‍රී ලංකා  සමාගම 11%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 266
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 162

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 08ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 02ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 06ක මුදලක් කොටස් වෙළෙඳ  කොටස් පොළට ආයෝජනය කර තිබිණි.

ව්ශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img