-2.5 C
New York

පාදෙණියගෙන් පස්සේ, දොස්තරලාගේ සල්ලි ලක්ෂ 260ක් ඉතිර‍ි වෙලා

Published:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GMOA පසුගිය වසරේ ඊට පෙර වසරට සාපේක්ෂව රුපියල් ලක්ෂ 260ක් සාමාජික මුදල් ඉතිරිකරගත් බව නිවේදනය කර තිබේ.

වසර ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරාව සිටි ‍විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සභාපතිධූරයෙන් ඉවත්ව ගත වූ වසරක කාලයේ දී රුපියල් ලක්ෂ 260ක මුදලක් ඉතිරිකර ගැනීමට හැකි වූ බව GMOA නිල WhatsApp සමූහයට පණිවිඩයක් යොමුකරමින් දැනුම් දී ඇත.

එහි දැක්වෙන්නේ “GMOA හි නව පරිච්ඡේදය අඛණ්ඩව විනිවිදභාවයෙන් සහ වගවීම ස්ථාපිත කර ඇත. පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 26කට ආසන්න සාමාජික මුදලක් ඉතිරිකර ඇත” යනුවෙනි.

Related articles

Recent articles

spot_img