spot_img
spot_imgspot_img

ඇත් පැටවා මරා දළ යුගල කපාගෙන ගිහින්

පුවත්

විදෙස්

මින්නේරිය ජාතික උද්‍යානයේ, හබරණ සහ රිටිගල ප්‍රදේශවල සැරිසැරූ “කෝලිත” නමින් හඳුන්වන දළ ඇතාට ඊයේ (19) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර දළ යුගල කපාගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

තරුණ වියට එළැඹෙමින් සිටි මෙම ඇතාගේ වයස අවුරුදු 15ක් පමණ වූ බවත් දළ යුගලේ දිග අඩි 02ක් පමණ බවත් වනජීවී නිලධාරීන් පවසයි. ඉතාමත් නිරෝගීව සිටි ඇතා තවත් විශාලව වර්ධනය වෙමින් සිටි බවත් දළ යුගල ද හොඳින් වර්ධනය වෙමින් තිබූ බවත් ඔවුහු කියති.

මෙම ඇතා නිරන්තරව සංචාරකයන්ගේ ආකාර්ශනය දිනාගත් සතෙකි.

ඡායාරූප – නයනජිත් සචින්තගෙනි

1 COMMENT

Leave a Reply to Martin Waduge Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!