-0.7 C
New York

රට පැන්න වෛද්‍යවරු, කෝටි 20ක් ගෙවිය යුතුයි

Published:

වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු පුහුණුවීම් සඳහා යැයි කියමින් විදේශගත වී රැකියාව හැරයාම හේතුවෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි 20ක පමණ මුදලක් මෙතෙක් ගෙවා නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම මුදල ගෙවීමට ඇත්තේ වෛද්‍යවරු 169 දෙනකු සහ විශේෂඥ වෛද්‍යවරු 46 දෙනකු වශයෙන් 215 දෙනකු විසිනි.

කිසියම් වෛද්‍යවරයකු පුහුණුවීම් සඳහා විදේශගත වන්නේ නම් ඔවුන් රජය සමඟ ගිවිසුම්ගත විය යුතු අතර නැවත නොපැමිණියහොත් ඒ සඳහා වන්දි මුදලක් ගෙවීමට නියමිතය. මෙම 215 දෙනා එලෙස රජය සමඟ ඇති ගිවිසුම් කඩකරමින් ආපසු පැමිණෙන්නේ නැතිව සේවය හැරගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මේ පිරිස් නැවත ගෙන්වා ගැනීමට හෝ එම  මුදල්  අය  කර ගැනීමට  කටයුතු කර ගෙන යන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ විශේෂඥ වෛද්‍යවරයකු බවට යම් පුද්ගලයකු පුහුණු කිරීම සඳහා රජය ‍එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 200ක් පමණ පිරිවැයක් දරන බවයි.

Related articles

Recent articles

spot_img