spot_img
spot_imgspot_img

පොලිසියේ දී පහර දී මියගිය කාන්තාව අත්අඩංගුවට ගත් බවට ලේඛන නෑ

පුවත්

විදෙස්

පොලිසියේ දී පහරදීමකින් මියගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ලේඛනයේ සටහන් තබා නැතැයි ද එම කාන්තාවගේ ජංගම දුරකථනය පොලිසියේ දී පැමිණිලිකාරිය සන්තකයේ තිබී ඇතැයි ද අද (19) අධිකරණයේ දී අනාවරණය විය.

මේ බව අනාවරණය වූයේ අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.

මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ලේ ස්ථිර පදිංචිය ඇති 41 හැවිරිදි තිදරු මවක් වූ ආර්.රාජ්කුමාරිය. ඇය මෙරට ප්‍රකට ව්‍යාපාරයක හිමිකාරිනියක මෙන් ම ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වන ‍සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ ගෘහ සේවයේ යෙදී සිටිය දී රන් මුදුවක් සොරකම් කරන ලදැයි පවසමින් කර තිබූ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබිණි.

මියගිය කාන්තාව‍ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ අධිකරණයේ ඉල්ලා සිටිය‍ේ අපරාධ නටු විධාන සංග්‍රහයේ 125 වැනි වගන්තිය යටතේ මෙම සිද්ධිය පිළිබඳ උසස් නිලධාරියකු මගින් විමර්ශනයක් පැවැත්වීමට අදාළ නිනයෝගයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයාට නොතීසි නිකුත් කළේය.

මියගිය කාන්තාවගේ සැමියා සෙල්ලදුරේ යේසුරාසා කියා සිටියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටිය දී තම බිරිඳට බරපතළ ලෙස පහර දී ඇති බවයි. තමන් රෝහලේ දී බිරිඳගේ මල සිරුර දුටු බවත් පහරදීමේන ඇති වූ තැලීම් සළකුණු රැසක් එහි තිබූ බවත් යේසුරාසා කීවේය. බිරිඳ පොලිසියේ සිටිය දී තමන් දෙවැනි වර බිරිඳට කතා කරන අවස්ථාවේ එම දුරකථනයට පිළිතුරු ලබාදුන්නේ සුධර්මා නෙත්තිකුමාර නමැති කාන්තාව බව ද ඔහු අධිකරණයේ දී කීවේය. පොලිසියේ සිටි බිරිඳ තමන්ට පහර දෙන බවත් අමාරු බවත් කීවා යැයි ද යේසුරාසා වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිඥයන් අධිකරණයේ දී පෙන්වාදුන්නේ යේසුරාසාගේ ප්‍රකාශය අනුව ඔහුගේ බිරිඳ සැකකාරියක ලෙස අත්අඩංගුවට ගෙන පොලිසිය පහර දෙන අවස්ථාවේ සුධර්මා නෙත්තිකුමාර ද එහි සිට ඇති බවයි. කිසියම් පැමිණිල්ලකට සැකකාරියක අත්අඩංගුවට ගත් පසු ඇගේ දුරකථනය පොලිසිය භාරයේ තිබිය යුතු වුව ද එය පැමිණිලිකාරිය භාරයේ තිබීමට කිසිසේත්ම ඉඩ නැති වුවත් එය සුධර්මා නෙත්තිකුමාර භාරයේ තිබීම ගැන බරපතල සැකයක් ඇතිවන බව ද නීතිඥවරු කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!