5.2 C
New York

මහ වනයේ තනි වූ බිළිඳකු ඇතුළු දරුවන් සිව් දෙනකු දින 17ක් පුරා දිවි ගලවාගෙන

Published:

ඇමසන් වනාන්තරයට කඩා වැටුණු ගුවන් යානයක සිටි දරුවන් 04 දෙනකු දින 17කට පසු මහ වනයේ නිරුපද්‍රිතව සිටින බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ නිවේදනය කළේය.

මෙම යානය කඩා වැටී ඇත්තේ පසුගිය 01 වැනි දා ය. යානය අනතුරට පත්වන අවස්ථාවේ කුඩා දරුවන් හතර දෙනකු, ඔවුන්ගේ මව සහ තවත් වැඩිහිටියන් දෙදෙනකු එහි ගමන්කරමින් සිටි බව වාර්තා වෙයි.  යානය කඩා වැටිමෙන් පසු එම ස්ථානයට ගිය හමුදා නිලධාරීනට වැඩිහිටියන් තිදෙනාගේ මළ සිරුරු හමුවුව ද දරුවන් සිව්දෙනා ගැන කිසිම සළකුණක් නොතිබිණි.

මෙලෙස අතුරුදන්ව සිටියේ කොලොම්බියාවේ ආදිවාසී දරුවන් සිව්‍දෙනෙකි. ඉන් එක් අයකු මාස 11ක් වයසැති ළදරුවෙකි. අනෙක් දරුවන් වයස අවරුදු 04,09 සහ 13 හැවිරිදිය.

හමුදා බලඇණි කිහිපයක් පොලිස් නිල සුනඛයන් ද යොදා ගනිමින් දරුවන් සොයා ඇමසන් මහා වනාන්තරයේ සෝදිසි මෙහෙයුම් සිදුකර තිබිණි. එහි දී දරුවන් විසින් වනාන්තරයේ ශාක කොටස් ආදිය භාවිතා කරමින් සාදන ලද නවාතැන්, කතුරු, බීම බෝතල්,  කෙස් කැබලි, කා දැමූ පළතුරු කැබලි හමුවී තිබිණි. ඉන් අනතුරුව එම දරුවන් ගඟ ඔස්සේ ගඟ ජලයේ බෝට්ටුවක් වැනි යමක් භාවිතා කරමින් පහළට ගමන් කරමින් සිටින බව ගුවන් යානයකින් නිරීක්ෂණය කර තිබිණි. නමුත් අධික වර්ෂාව සහ අකුණු සහිත කාලගුණික තත්වය ඔවුන් ගලවාගැනීම අසීරු වී තිබිණි.  

මේ දරුවන් සිව්දෙනා බේරාගෙන ඇත්තේ කොතැනක දී ද කෙසේ ද යන්න පිළිබඳ හෝ ඔවුන් තනියම දිවි ගලවා ගත් ආකාරය පිළිබඳ හෝ ජනාධිපතිවරයා කිසිදු විස්තරයක් ලබා දී නැත.

Related articles

Recent articles

spot_img