spot_img
spot_imgspot_img

හමුදා ඉතිහාසය වෙනස් කරමින්, සෙබළියෝ උද්ඝෝෂණයේ

පුවත්

විදෙස්

යුද හමුදා 4 වැනි කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කොකාවිල් කඳවුර ඉදිරිපිට මාර්ගයේ ඊයේ (16) සිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

කොකාවිල් සිට ඔවුන් මැදවච්චියට මාරු කිරීමට එරෙහිව මෙම විරෝධතාව ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ සෙබළියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ ප්‍රථම අවස්ථාව මෙය බව යුද හමුදාවේ උසස් නිලධාරීන් පවසයි.

උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් ඉල්ලා සිටින්නේ වව්නියාවට ලබා දී ඇති ස්ථානමරුවීම අවලංගු කර ආසන්න වෙනත් කඳවුරක රාජකාරී සඳහා අනුයුක්ත කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් විමසූ විට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පවසන්නේ මෙම සෙබළියන් හමුදාවට යම් යම් ව්‍යාපෘති සඳහා හමුදාගත පදනම යටතේ බඳවාගත් අය බවයි. ඔවුන්ට හමුදා පුහුණුවක් නොමැති බව ද ඔහු කීවේය. හමුදවේ ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය යටතේ,  මෙම කදවුරේ පිරිස මැදවචිචිය  කදවුර වෙත සම්බන්ධ කිරීමට සුදානම් කර ඇති බව ද හෙතෙම කීවේය.

හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මොවුන් ආසන්න වෙනත් කඳවුරකට මාරු කිරීමට හැකියාව තිබිය දී කිසියම් පුද්ගලයකුගේ අසත්‍ය ප්‍රචාරයකට රැවටී මෙවැනි වරෝධතාවක් පවත්වා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හමුදාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. හමුදාවේ සාමාජිකයන්ට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කාර්යයකි. හමුදා ප්‍රකාශකවරයා පවසන්නේ සෙබළියන් පිරිස ද මේ උද්ඝෝෂණයට සහභාගී වී ඇත්නම් ඔවුන්ට එරෙහිව විනයානුකූළ පියවර ගැනීමට සිදුවන බවයි.

2 COMMENTS

  1. Court Marshal කරන්න මොවුන් හමුදාවේ තියා ගැනීම භයානකයි. අනිවාර්යෙන්ම මුන් ජෙප්පන්ට උදව් කරන එවුන්. ශ්‍රීමත් ප්‍රේමය කලාවගේ හමුදාවේ අයම දාලා මුන්ව මරන්න.මුන් කොහේද යුද්දේට යන්නේ?

  2. හමුදා පුහුණුව නැතිනම් පුකට පයින්ගහලා එලවදමන්න. මුන් හමුදාවට අයිති නැති නිසා හමුදා නීති මුන්ට අදාළ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!