spot_img
spot_imgspot_img

වෛද්‍යවරයා ගැටුමක් සාදා රෝහල්ගත වේ. නීතියට පිටින් බෑ කීමෙන් ගුටි කෑ පොම්පකරු අත්අඩංගුවට

පුවත්

විදෙස්

ඉන්ධනහළක ගැටුමක් නිර්මාණය කළ වෛද්‍යවරයකු රෝහල්ගත වී සිටින අතර ඉන්ධන හළේ සේවකයෙක් පොලිසිය විසින් අත්අංගුවට ගෙන තිබේ.

ඉන්ධන ලබාගැනීමට පැමිණ QR කේතයට වඩා වැඩිපුර ඉන්ධන ඉල්ලා නොදුන් විට වෛද්‍යවරයකු ඇතුළු පිරිසක් ගැටුමක් ඇතිකරගැනීමෙන් මෙය සිදුව ඇත්තේ පානදුර නල්ලූරුව ඉන්ධන පිරවුම්‍හළේ දී ය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි පොම්පකරුවෙකි. ඔහු පානදුර නල්ලූරුව ඉන්ධන හළේ පොම්පකරුවකු ලෙස කටයුතු කරමින් සිටිය දී පසුගිය 15 වැනි දා අලුයම 5.20 ට පමණ වෛද්‍යවරයා තවත් තිදෙනකු සමඟ මෝටර් රථයකින් පැමිණ ඉන්ධන ඉල්ලා තිබේ.

QR කේතයේ ඒ වනවිට ඉතිරිව තිබී අත්තේ රුපියල් 4,000.00ක ඉන්ධන වුව ද වෛද්‍යවරයා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ඉල්ලීමත් සේවකයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බහින්බස්වීමක් හටගෙන තිබිණි. මේ අතර ඉන්ධන පිරවුම්හළේ ආරක්ෂක නිලධාරියා ද එතැනට පැමිණ තිබිණි. නමුත් ආරක්ෂක නිලධාරියා පසෙකට තල්ලුකර දැමූ අයෙක් පිරවුම්හළේ සේවකයාට පහර දී ඇති අතර ඔවුන්ගේ ප්‍රහාරයෙන් බේරී පැන දුවන සේවකයා පොල්ලක් රැගෙන එද්දී වෛද්‍යවරයාගේ සඟයන් තිදෙනා පළා ගොස් ඇත. පොලිසිය පවසන්නේ ‍පිරවුම්හළේ සේවකයා තමන්ට පහරදුන් බව වෛද්‍යවරයා පවසන බවයි.

පහර කෑ වෛද්‍යවරයා බන්ධනාගාර රෝහලක රාජකාරී කරන අයෙකි. ඔහු මේ රෝහල්ගත වී සිටින අතර පොම්ප ක්‍රියාකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ වෛද්‍යවරයා සමඟ පැමිණි තිදෙනා ද සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

1 COMMENT

  1. ආරක්ෂක නිලධාරීයා ෂාක්ෂි දේවී නේද? මොකද දොස්තරයාගේ ඇටේ මිරිකලාද ඌ රෝහල් ගතවෙලා තිබෙන්නේ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!