spot_img
spot_imgspot_img

පාසල් දරුවන් බිය කරන බොරු ප්‍රචාරයට රැවටෙන්න එපා

පුවත්

විදෙස්

පාසල් අසළින් ඇති අතුරු පාරවල්වල දී ළමයින් පැහැරගෙන යාමේ කණ්ඩායමක් ගැන අක්මීමණ පොලිසිය විසින් සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇතැයි ගාල්ල ප්‍රදේශයේ පාසල්වල වට්ස්ඇප් සමූහයන් ඇතුළු සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන පුවතේ කිසිදු සත්‍යතාවක් නැතැයි අක්මීමණ පොලිසිය පවසයි.

එම වට්ස්ඇප් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ පසුගිය දිනක කොට්ටව ප්‍රදේශයේ දී ද ළමයකු පැහැර ගැනීමට උත්සාහ ගෙන ඇති බවකි. නමුත් එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නැතැයි ද අක්මීමණ පොලිසිය කියයි.

මෙම පණිවිඩය වට්ස්ඇප් සමූහ කිහිපයක් වෙත යොමුකර ඇති පුද්ගලයන් පිළිබඳ පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් ඉන් එක් අයකුට එය වහාම නිවැරදි කරන්න යැයි උපදෙස් දී ඇති බව ද පොලිසිය පවසයි. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ ක්‍රියාකලාපයන් පිළිබඳව ද පොලිසිය මේ වනවිට අවධානය යොමුකර තිබේ.

මෙම පණිවිඩය බෙදාහරින එක් අයකු පසුගිය දිනක බෞද්ධ විහාරස්ථානයක දහම්පාසලක පැවැති රැස්වීමක් සඳහා නොපැමිණි පුද්ගලයන්ට ඔවුන් වෙනත් ආගමකට සම්බන්ධ කරමින් සහ ජාතිවාදී අදහස් මතුකරමින් තර්ජනාත්මකව යැවූ පණිවිඩයක් පිළිබඳව ද මේ වනවිට පොලිස් බුද්ධි තොරතුරු ඒකකයේ අවධානය වී තිබේ.

මෙම පණිවිඩය යවන පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළ ජාතිවාදී ගැටලුවක් නිර්මාණය කිරීමේ උත්සාහයක නිරතවන්නන් යැයි ද සැකයක් මතුවන බව පොලිසියේ උසස් නිලධාරියකු කීහ.

පොලිසිය පවසන්නේ දරුවන් පැහැරගන්නා කණ්ඩායමක් පිළිබඳ කිසිම තොරතුරක් ‍ලැබී නොමැති බවයි. නමුත් ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ සියලු දෙමාපියන් නිරන්තරව අවදානයෙන් සිටිය යුතු බව ද‍ පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!