-1 C
New York

කොරෝනා යළි ශ්‍රී ලංකාවේ වසංගතයක් වෙයි ? පාසල් සහ ආයතනතුල රෝගීන්

Published:

කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තාවන බවත් මේ හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවක්ට මුහුණ දීමට සිදුව ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක නොකරන බැවින් තම තමන්ගේ ජීවිත ආරක්ෂාව තම තමන්ට බලාගැනීමට සිදුවන තත්වයක් උදා වී ඇති බවයි.

“කොරෝනා බවට සැකසහිත රෝගීන් විශාල වශයෙන් සෑම ප්‍රදේශයක ම ඉන්නවා. පාසල් තුළ දරුවන් අතර වගේම රැකියා ආයතනවල වැඩිහිටි පුද්ගලයන් අතරත් මේ වනවිට වසංගතයක් වගේ ශ්වසන රෝග පැතිරෙනවා. මහජනතාව මේ වෙලාවේ වගකීමෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන් ම කොරෝනා පාලනය කිරීමට අදාලව හඳුන්වාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නැවත පිළිපැදියයුතුයි. මහජනතාව එක්වන තැන්වල ගැවසෙනවානම් මුඛ ආවරණ අත්‍යාවශ්‍යයි. කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දැන් බිම් මට්ටමේ සිදුවන්න‍ේ නැහැ. ඒ නිසා මේ තත්වය කොරෝනා ද යනුවෙන් තහවුරු කළ නොහැකියි. අපට බරපතල සැකයක් තියෙනවා දැන් කොරෝනා නැවත පැතිරෙමින් තිබෙන බවට. ඒ නිසා තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා මහජනතාව ආරක්ෂා වීම වැදගත්.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img