spot_img
spot_imgspot_img

ගෝඨාභයට බෝම්බ ගැහුවා යැයි වසර 14ක් හිරේ සිටි ඉංජිනේරුවා නිදහස්. හිරේදී රාජ්‍ය සම්මාන දෙකක් අරන්

පුවත්

විදෙස්

ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ගැසීමට කුමන්ත්‍රණය කළා යැයි චෝදනා කරමින් වසර 17ක් රිමාන්ඩ් කර සිටි ඉංජිනේරුවරයකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (16) නියෝග කළේය.

කොටි සාමාජිකයකු යැයි චෝදනා කරමින් සිවලිංගම් ආරූරන් නමැති  මෙම ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබිණි. ඔහුට එල්ල කළ චෝදනාව වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ව සිටිය දී කොල්ලුපිටිය පිත්තල හන්දියේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවයි.

නමුත් එම චෝදනාව සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ආරක්ෂක අංශ සතුව තිබුණේ නැත. තිබුණු එකම සාක්ෂිය වූයේ මෙම ඉංජිනේරුවරයා පොලිස් අධිිකාරී සිසිල් ද සිල්වා හමුවේ කළ ප්‍රකාශයක් පමණි. එම සාක්ෂිය ද ඔහු ස්වේච්ඡාවෙන් ලබාදුන් සාක්ෂියක් නොවේයැයි අධිකරණයේ දී ප්‍රකාශ කෙරිණි. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ක දැනුම්දීමක් සැළකිල්ලට ගෙන විනිසුරුවරයා ඔශු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

2009 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රැඳවුම් භාරයට ගෙන නව මැගසින් බන්ධනාගාරයේ වසර 14 කට අධික කාලයක් රඳවා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුම්නත්‍රණය කර ඇතැයි කියමින් චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා විසින් 2013 වර්ෂයේ දී ඔහුට එරෙහිව නඩු පවරන ලදී. නමුත් නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව වෙනත් සාක්ෂි නොමැති බැවින් ඔහුට එරෙහිව නඩුවක් පවරා පවත්වාගෙන යාමට නීතිපතිවරයා අදහස් නොකරන බවයි.

ඒ අනුව අරූරන් රිමාන්ඩ් බන්ධනාගාරයේ වසර 14ක් ගෙවා දමා තිබිණි. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ 29 හැවිරිදි වියේ සිටි අතර දැන් ඔහු 43 වැනි වියේ පසුවෙයි. 2004 වර්ෂයේ දී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජි‍නේරු උපාධිය ලබාගත් අරූරන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියේය.

බන්ධනාගාරයේ සිටි අරූරන් දෙමළ භාෂාවෙන් පොත් 07ක් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පොතක් ද රචනා කළේය.

2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම දෙමළ නවකතාව ලෙස සම්මානයට පත් වූයේ ඔහු රචනා කරන ලද “ආදුරසාලයි” නමැති නව කතාවයි.  2016 දී ද හොඳම දෙමළ නවකතාට හිමි සම්මානයට හිමිකරගත්තේ අරූරන් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!