8.6 C
New York

බන්ධනාගාර නිලධාරීන්, අපරාධ චෝදනාවට එරෙහිව අභියාචනා කිරීමට සැරසේ

Published:

තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉහළ අධිකරණයකට අභියාචනයක් ගොනු කිරීම සඳහා මහර බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් නීතිඥ සහය ලබාගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කොරෝනා පරීක්ෂණ පවත්වන  ලෙස සහ කොරෝනා ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්න යැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා 11 දෙනකු ඝාතනය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන එය අපරාධයක් බව කියා සිටියේය.

ඒ අනුව එම සිද්ධියට සම්බන්ධ සියලු නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

බන්ධනාගාර නිලධාරීන් මේ නියෝගය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img