-1.6 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 9,799ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 676ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 21ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,906ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 170
  • ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 83
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 57

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (R) කොටස් මිලියන 14
  • බ්ලූඩයමන්ඩ් සමාගම (XR) කොටස් මිලියන 07
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන් ජෙම්ස් සමාගම 20%
  • හේලීස් ලෙෂර් සමාගම 12%
  • සෙලින්සිං  සමාගම 11%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 291
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 172

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 28ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 0.6ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 27.4ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 15
  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 05
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img