0.6 C
New York

IMF නියෝජිතයෝ ගාලු කොටුව බැලීමට යති

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ඊයේ (14) සවස ගාල්ල කොටුවේ සංචාරයක නිරතවූහ.

ඔවුන්ගේ එම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූයේ ඉදිරිියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමෙන් දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවට කොතරම් දුරට සාර්ථක විය හැකි ද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීම බව ගාලු උරුමය පදනම පවසයි.

මෙම සංචාරය සඳහා විදේශීය ධූත පිරිස සහ ශ්‍රී ලංකා නියෝජිතයන් ඇතුළු 15 දෙනකු පමණ සහභාගී වී සිටියහ.  පැය දෙකකට ආසන්න කාලයක් ගාලු කොටුවේ සංචාරයක නිරත වූ ඔවුන් ගාල්ලේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා කොටුව කේන්ද්‍රීයව ගෙන ඇති පියවර සහ එය නැවත පවත්වාගෙන යන ආකාරය පිළිබඳ සිය ප්‍රසාදය ප්‍රකාශ කළබව ගාලු උරුමය පදනමේ සභාපති ආචාර්ය නිලාන් කුරේ පවසයි.

දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙම නියෝජිතයන්ගේ අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධ ඔවුන්ගේ ප්‍රසාදය ද පළකර ඇත. ඉදිරියේ දී තවදුරටත් සිදුවිය යුතු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති ගැන ද ඔවුන් අවධානය යොමුකර තිබිණි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහ ගාලු උරුමය සංවිධානයේ සභාපති ආචාර්ය නිලාන් කුරේ සහ ව්‍යාපෘති නිලධාරී තරංග ලියනාරච්චිද එක්ව සිටියහ

Related articles

Recent articles

spot_img