spot_img
spot_imgspot_img

දරුවන්ට උදව් කළාට, Online Deniyaya ට බලධාරීන්ගෙන් තර්ජන. දරුවෝ 300ම ආරක්ෂිතව යති

පුවත්

විදෙස්

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඊයේ (14) තම පාසලට යාගත නොහැකිව අතරමග නැවතීමට සිදුවූ පාසල් සිසුන් 300ක පමණ පිරිසකට අවශ්‍ය ආහාර පානාදිය ඇතුළු සියලු පහසුකම් ලබාදීමට Online Deniyaya ෆේස්බුක් සමූහයේ මැදිහත් වීමෙන් හැකියාව ලැබී තිබේ.

අද (15) උදෑසන එම සිසු සිසුවියෝ ආරක්ෂිතව නැවත දෙණියාය පල්ලේගම පාසල වෙත පිටත්ව ගියහ.

ඊයේ කොළඹ ප්‍රදේශයට ගොස් ආපසු සිය පාසල වෙත පැමිණෙමින් සිටි එම සිසුන් රැගත් බස් රථ අකුරැස්ස දීගල ප්‍රදේශයේ දී ගංවතුර නිසා දෙණියාය දෙසට යාගත නොහැකිව නතර කෙරිණි. ඒ වනවිට ප්‍රදේශයේ විදුලිය පවා විසන්ධි වී තිබුණු අතර හාත්පස සියලු ප්‍රදේශ ජලයෙන් යටවී තිබිණි. දරුවන්ට ආරක්ෂිතව සිටිය හැකි එකම ස්ථානය වූයේ දීල අභිනවාරාම විහාරස්ථානයයි.

එහි හිමිවරු නෙ‍ාපැකිළව දරුවන්ට ආරක්ෂිතව සිටීමට පහසුකම් සළසා දුන්න ද දරුවන්ට අවශ්‍ය තරම් ආහාර තිබුණේ නැත. මේ අවස්ථාවේ Online Deniyaya ෆේස්බුක් සමූහය ඒ පිළිබඳ තම සාමාජිකයන්ගේ අවධානය යොමු කෙරිණි. වහාම ක්‍රියාත්මක වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේක්මවරිය, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කර්යාලයේ නිලධාරීණ් ද ප්‍රදේශවාසීන් පිරිසක් ද පාසල් දරු දැරියන්ට අවශ්‍ය ආහාර සකසා දී පානීය ජලයත්, වෙනත් සෞඛ්‍ය පහසුකම් ද සපයා දුන්හ.

දීගල අභිනවාරාමයේ විහාරාධිපත සීනිපැල්ල විමලරතන හිමියන් සහ රදාවෙල විමලජෝති හිමියන් මේ සඳහා අවශ්‍ය සියලු සහයෝය ලබාදුන්හ. එමෙන්ම සුනෙත් නි‍ලූෂ පතිරණ, විනූ ට්‍රැවල් හි ලිහරු යන දෙදෙනා ද Online Deniyaya කෘතවේදීව සිහිපත් කරයි.

මේ සියලු දරුවන් ආරක්ෂා කරමින් එම දරු දැරියන්ට සහ ගුරුභවතුන්ට ආහාර පවා සපයා ඔවුන් ආරක්ෂා කිරීමට පෙරමුණ ගත් Online Deniyaya සමූහයේ පරිපාලකයන්ට දෙණියාය පල්ලේගම විදුහලේ බලධාරීන්ගෙන් දැඩි දෝශාරෝපණයක් එල්ල වී තිබේ.

ඔවුන් පවසා ඇත්තේ “අපේ දරුවන් ගැන අපි බලාගන්නම්. ළමයි අතරමං වුණා කියලා ෆේස්බුක් පේජ්වල දාලා එයාලට කන්න බොන්න නෑ කියලා දාපු නිසා අපි ඔයාලට විරුද්ධව නීතිමය ක්‍රියාමර්ග ගන්නවා” යනුවෙනි.

දරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයා ඔවුන් රැකබලාගත් පිරිසට විද්‍යාලයීය බලධාරීන් තර්ජනය කරන ආකාරයයි ඒ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!